Sunday, 14 September 2014
සැබෑ ජීවිතේදිත් නෙහාරා ආදරය කරන්නේ කැමරාව ඉදිරිපිටදී වගේමද?
Sunday, 14 September 2014 by SH Network
මම ඒක බලාගන්නම්කෝ.
නෙහාරා පුවත් මවන්නියක්. කටකතා, ඕපාදූප, විවේචන, ප්‍රශංසා මැද රංගන ශිල්පිනියක් ලෙස ඈ දිනා සිටින ජනප්‍රියත්වය ඉහළයි.
පසුගියදා මේ රංගන ශිල්පිනී නෙහාරා පීරිස් සමඟ විවාහ වූ මේනක රාජපක්ෂ එක්තරා පුවත් පතකට සම්මුඛ සාකජ්ජාවක් ලබාදෙමින් නෙහාරා ඇරුණම මම වැඩිපුරම කැමැති සුජානි මේනකාට යනුවෙන් ප්‍රකාශයක් සිදු කර තිබුනා.
නෙහාරාගේ කලා ජීවිතේ හරිම කාර්යබහුල වෙලා?
ඔව්. රඟපෑම්, නිවේදන කටයුතු, උත්සව. මේ හැමදේම නිසා පුදුම විදිහට ජීවිතේ අවිවේකී වෙලා.
රංගන ශිල්පිනියක් විදිහට මේ ගෙවෙන්නේ නෙහාරාගේ හොඳම කාලයද?
ඔව්. හැමදාම මම එහෙම හිතනවා. මම හැමදේම ගැන හරි ධනාත්මකවයි බලන්නේ. කම්මැලි හිතෙන කාලවලදී රඟපෑමට මාව බලෙන්ම යොමු කරන්නේ මේනක. එයාගේ ශක්තිය හරි පුදුම දෙයක්.
ජීවිතේ හොයපු කෙනා නෙහාරාමද කියලා තාම හිතන බව මේනක කියලා තිබුණා?
ආ.. ඇත්තද? මම ඒක බලාගන්නම්කෝ.
ඒ විතරක් නෙවෙයි, නෙහාරාගෙන් පස්සේ වැඩිපුරම කැමැති සුජානි මේනකාට කියලත් කියලා තිබුණා?
මේනකට සුජානි තවත් එක නිළියක් විතරයි.
ඒ කතාව ගැන නම් ඊරිසියා හිතුණා නේද?
හ්ම්.. ඒකට ටිකක් හිතලා උත්තර දෙන්න ඕන. මං හිතන්නේ මේනක සුජානිට කැමැති නිළියක් හැටියට විතරයි කියලාමයි.
ඊට එහාට ගිය දෙයක් සිද්ධ වුණොත්?
නෑ. එහෙම වෙන්නේ නෑ. මං මේනක ගැන දන්නවා. ඒ ගැන මම එක තත්පරයකටවත් හිතන්නවත් කැමැති නැහැ.
මේනකගේ මොන ගතිගුණවලටද නෙහාරා කැමැති වුණේ?
හැමදේටම. සැහැල්ලු හැසිරීම්, ආදරණීය බව. මාව පරෙස්සම් කරන විදිහ, ඒවා හරිම ඉහළයි.
සැහැල්ලු හැසිරීම් තියෙන, ආදරණීය පිරිමි තව කීදෙනෙක් ජීවිතේ මුණ ගැහිලා තියෙනවාද?
නෑ, නෑ. මං මේනකගෙන් දැකපු ඒ ගතිගුණවලටයි එයාට කැමැති වුණේ.
මේනකගේ අකමැති දේවල් මොනවාද?
තරහා යන එකට ඇරෙන්න අනික් හැමදේටම මං කැමැතියි.
එයාට නිතර තරහා යනවාද?
එහෙමම නෑ. තරහා ගියොත් මූණටම කියලා දානවා. මම නම් එහෙම නෑ. තරහා ගියොත් කතා නොකර ඉන්නවා.
සැමියා බවට පත්වුණාම ‘පෙම්වතා’ කියන චරිතය වෙනස් වෙනවා නේද?
අපි විවාහවෙලා මාස අටක්. එයාගේ ආදරේ එක බින්දුවක්වත් වෙනස්වෙලා නැහැ. වෙනස් නොවී ඉන්න අපි කතා කරගෙනයි ඉන්නේ.
ඒක ඉතින් මේනකගෙන් තමයි අහන්න ඕන.
මං අහන්නේ කැමරාව ඉදිරිපිටදී හැඟීම් දැනෙන්නේ නැද්ද?
නැහැ. ඇතුළාන්තයෙන් එන හැඟීම් නැතිවයි අපි රඟපාන්නේ. ඒත් ඇත්ත ජීවිතේ ඊට වඩා වෙනස්නේ.
නෙහාරාගේ විලාසිතා ගැන ඇයි මේනක තහංචි නොදාන්නේ?
අනේ එයා මගේ ඇඳුම් ගැන තහංචි දානවා නම් මම කැමැතියි. එතකොට මට හිතෙනවා එයා මට එහෙම කරන්නේ ආදරේ නිසානේ කියලා.
එහෙනම් මේනක නීති නොදාන්නේ ආදරේ නැති නිසා වෙන්න ඇති නේද?
නෑ, නෑ. එයා දන්නවා මම හොඳම දේ තෝරාගන්න, තැනකට ගිහින් හැසිරෙන්න දන්නවයි කියලා. ඒ තරමටම මේනකට මාව විශ්වාසයි.
Tags:
Subscribe to:
Post Comments (Atom)


0 Responses to “ සැබෑ ජීවිතේදිත් නෙහාරා ආදරය කරන්නේ කැමරාව ඉදිරිපිටදී වගේමද?”
Post a Comment